
මට මේ අවස්තාව ලැබෙන්නේ AIESEC global organization එක හරහායි. එහිදී මට මාස 7ක කාලයකට ඊජිප්තුවට යන්නට අවස්තාවක් ලැබෙනවා. ඉතින් මේ ගමනේදී මං ඊජිප්තුව දකිනවා, ඔවුන්ගේ සංස්කෘතිය දකිනවා, ආගම් ගැන කියවන්න ලැබෙනවා. ඒ වගේම මට එහෙදී රටවල් ගණනාවක අලුත් යාලුවන් පිරිසක් අදුරගන්න ලැබෙනවා. මං එහෙදී ඉගෙන ගන්න දේවල් වගේම අත්දකින දේවල් බොහෝමයක් මගේ අතින් වචන විදියට ලියවුනා.
ඉතින් ඒ අත්දැකීම් සහ මතකයන් වගේම ජීවිතයේදී අපිට කතා කරන්න ලැබෙන මාතෘකාවන් ගැනත් මං මෙහෙදී ලියල තියනවා. මං විස්වාස කරනවා, මේ පොත කියවන ඔබට ඊජිප්තුව ගැන චිත්‍රයක් මවාගැනීමටත්, ජීවිතය ගැන තවත් වරක් නැවතිලා බලන්න වෙලාවක් හමුවෙයි කියලා.

A Word From The Author
ඊජිත්තුව මට කතාකළා. මං ඒ ගමන ගියා. මං තනිවුණා. මට යාළුවො හම්බවුණා. ඒ මිනිස්සු මට වටිනාකමක් දුන්නා. මට දෙවියන්ව දැනුණා. ඒ වගේම, මං බුද්ධාගම ඉගෙනගත්තා. පුදුමයි නේද? මං ඒ හැමදේම, ඒ කියන්නෙ බුද්ධාගමේ කියලා තියෙන දේවල් ප‍්‍රායෝගිකව අත්වින්දා. මම ගොඩක් දේ ඉගෙනගත්තා. මං ජීවත්වුණා. ඒක මට දැනුණා. ජීවිතය, ආදරය, ලෝකය ගැන ඉගෙනගත්තා. මිනිස්සු ගැන වගේම මං ගැන ඉගෙනගත්තා. ජීවිතය වින්දා. ඕනෙ වුණ හැමදේම ලැබුණා. මට මාව හම්බවුණා.
Yasitha Lakshan Bandara Herath
Chapter 03
නයිල් නිම්නයේ සුළඟටත් නොකියා..
ආදරවන්තයන්ට, යාළුවන්ට, පවුලෙ අයට, තනියම එන අයට වගේම, එක්කෙනෙකුට වුණත් නිදහසේ විඳින්න පුළුවන් තැනක් මේ නයිල් ගඟ කියලා කියන්නෙ. මං ඒක දැකලා තියෙනවා. මෙතැනට එන හැමෝටම නයිල් ගඟත් එක්ක පොඩි හරි බැඳීමක් ඇති. මොකද, එකපාරක් ආපු කෙනෙකුට ආයි පාරක් මෙතනට එන්න ආශාවක් ඇති කරන්න නයිල් ගඟ හරි දක්ෂයි. මට මෙතැනට ආපුවහම දැනෙන්නෙ නිදහසක්. ඒ වගේම ජීවිතය ගැන හැඟීමක්. මං සමහර වෙලාවට මේ දේවල් ගොඩක් වැඩිපුර විඳිනවා ඇති. ඒත් මං ආසයි එහෙම. නිකන් බලලා මේක නයිල් කියනවට වඩා, මෙහෙම ඒක රසවිඳින්න. ඊජිප්තුවට ආදරේ කරන ලොකුම හේතුවත් නයිල් ගඟ කියලා මට හිතෙනවා.
What Readers Are Saying
මෙම පොතේ ඇති ගැඹුරු තීක්ෂ්ණ බුද්ධිය සහ හෘදයාංගම කතාන්දර මගින් පාඨකයින් ගැඹුරින් පෙලඹී ඇත. එය ආශ්වාදය සහ අවබෝධය අපේක්ෂා කරන ඕනෑම අයෙකු සමඟ අනුනාද වන ජීවන ගමන පිළිබඳ අද්විතීය ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරයි. මෙම පොත කියවීමට වඩා වැඩි ය; එය අවසාන පිටුව පෙරළීමෙන් බොහෝ කලකට පසුව ඔබ සමඟ පවතින අත්දැකීමකි





PLACE YOUR ORDER HERE
ඔබට මේ පොත Online ඇණවුම් කළ හැකි අතර, අප එය ඔබේ නිවසටම ලබා දෙනු ඇත. කරුණාකර අපගේ කණ්ඩායම අමතන්න, ඔවුන් ඔබට ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා උපකාරී වනු ඇත. ඕනෑම විමසීමක් සඳහා, කරුණාකර 070 2 731 931 අමතන්න.
CONTACT DETAILS
070 2 731 931
Hello@yasithaherath.com
“Cairo තියෙන්නෙ මැදට වෙන්න, දකුණු පැත්තට වෙන්න Aswan, උතුරු පැත්ත Alexandria, නැගෙනහිර තියෙන්නෙ Dahab, බටහිර පැත්ත තමයි Siwa. මං මේ හැමතැනටම ගියා.
Sahara කාන්තාරය, සූවස් ඇළ, මෝසස් අණපනත් ලබාගත්ත St. Catherine කන්ද, මේ හැමදෙයක්ම මං දැක්කා. මම ගියා. Cairo ඇතුළෙ තියෙන මාලිගා, පල්ලිවලට මම ගියා. මං ජීවත්වුණේ Egypt වල මුස්ලිම් සංස්කෘතියත් එක්ක. ලස්සන රටක, ලස්සන මිනිස්සුත් එක්ක.”